ෆලූඩා


අවශ්‍ය ද්‍රව්‍යය : 

  • රෝස සිරප් වීදුරු 1/4 
  • කිරි වීදුරු 3/4 
  • කස කසා මේස හැඳි 1 1/2 
  • ෆලූඩා කැබලි මේස හැඳි 2 
  • අයිස් කැට  
  • කිරි කෝප්ප 1/2 
  • කෝන් ප්ලවර් මේස හැඳි 1/2 
  • කොළ පාට කලරින් ටිකක්  
  • වැනිලා ටිකක්

සාදා ගන්නේ මෙහෙමයි :

කිරි කෝප්ප 1/4 පමණ ලිප තබා උණු කරන්න. ඉතිරි කිරි වලින් කෝන් ප්ලවර් දිය කර ගන්න. පසුව උණු වෙමින් පවතින කිරි එකට මෙය මිශ්‍ර කර උකුවන තෙක් උයන්න. පසුව වැනිලා හා කලරින් දමන්න. පසුව තරමක් උස වීදුරුවක් ගෙන අඩියට රෝස සිරප්ද පසුව උණුකර නිවා ගත් කිරිද අනතුරුව ෆලූඩා කැබලිද, කස කසා ඇටද, අයිස් කැටද දමන්න. මෙය අමුත්තෙකුට පිළිගන්වන විට කුඩා හැන්ඳක් සමඟ පිලි ගන්වන්න.